ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත්ව යාමට නියමිතයි.

රුසියානු ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව ඔහු එරට සංචාරය කරන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

ඉන්දීය අග්රම්ත්යවර්යා මොස්කව් නුවරදී ව්ලැදිමීර් පුටින් සමඟ 22 වැනි ඉන්දු-රුසියා වාර්ෂික සමුළුවට එක්වීමට ද නියමිතව තිබෙනවා.

ඉන්දියාව හා රුසියාව අතර පවත්නා සාම්ප්‍රදායික මිත්‍රශීලීත්වය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණෙන් මෙම සංචාරය සිදුකෙරෙන බව සඳහන්.

මොස්කව්හි වාර්ෂික සමුළුව අවසන් කිරීමෙන් පසු මෝදි, ඔස්ට්‍රියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ඔස්ට්‍රියාවේ සංචාරයකට එක්වන්නේ වසර 41කට පසුවවීම විශේෂත්වයක්.

WhatsApp Group

Skip to content