දේශපාලනය වෙනුවෙන් ඉන්දියාව කොටස් කළ බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොංග්‍රස් පක්ෂයට චෝදනා කළා.

ඉන්දීය රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය ඊයේ ආරම්භ කෙරුණු අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කොංග්‍රස් පක්ෂය වෙත දැඩි චෝදනාවක් එල්ල කරමින් සඳහන් කළේ 1974 වර්ෂයේදී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දුන්නේ ඉන්දිරා ගාන්ධි රජය බවයි.

රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාව අතර පිහිටා ඇති මෙම දූපත සම්ප්‍රදායිකව ශ්‍රී ලාංකික සහ ඉන්දීය ධීවරයින් විසින් භාවිතා කළ බව අගමැති මෝදි පෙන්වා දුන්නා.

1974 දී එවකට අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි ”ඉන්දු – ශ්‍රී ලංකා සමුද්‍ර ගිවිසුම” යටතේ කච්චතිව් ශ්‍රී ලංකාවට අයත් බවට පිළිගෙන තිබෙන බවයි ඔහු කියා සිටියේ.

දේශපාලනය සඳහා ඉන්දියාව කොටස් තුනකට වෙන්කළ බව සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂය කච්චතිව් දූපත ඉන්දියාවට ආපසු පවරා ගන්නා ලෙස ඉල්ලා දිගින් දිගටම තමාට ලිපි යොමු කරමින් සිටින බවයි සඳහන් කළේ.

WhatsApp Group

Skip to content