කොග්ගල ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නුවර සිට මාතර දක්වා ධාවනය වු දුම්රියට කොග්ගල ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

කොග්ගල පොහොර ගබඩාව අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීමට උත්සහ කළ මෝටර් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

අදාළ මෝටර් රථයේ සිරවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content