මොරොක්කෝ රාජ්‍යයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .

ඊයේ රාත්‍රියේ මෙම භූ කම්පනය හට ගෙන ඇති බව සදහන් .

මෙම ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

එමෙන්ම පුද්ගලයන් 153 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා.

සුන්බුන්වල සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමට සහන කණ්ඩායම් මෙහෙයුම් අකණ්ඩව සිදුකරමින් ඇති බව, එරට බලධාරීන් පවසනවා.

භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය ”මැරකෑශ්” ප්‍රදේශයට නිරිත දෙසින් පොළොවේ සිට කිලෝමීටර 19 කට ආසන්න ගැඹුරින් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා .

මේ අතර මැරකෑශ්” ප්‍රදේශයේ රික්ටර් මාපක 5කට වැඩි භුකම්නපයක් සිදුවී ඇත්තේ වසර 100 කට අධික කාලයකට පසුව බවයි, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය අවධාරණය කරන්නේ.

මොරොක්කෝවට බලපෑ අවසන් මහා භූමිකම්පාව සිදුවූයේ 2004 වසරේදී වන අතර,”රික්ටර් මාපක 6 යි දශම 3 ප්‍රබලත්වයෙන් හටගත් ඒමේ භූකම්පනයෙන් පුද්ගලයින් 600 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content