මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් මියගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙය වසර 120 කින් පසු උතුරු අප්‍රිකා කලාපයෙන් වාර්තා වූ ප්‍රබලම භූ කම්පනය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මොරොක්කෝ රාජ්‍යයට රික්ටර් මාපකයේ ඒකක 6.8ක ප්‍රබලත්වයකින් යුතු භු කම්පනයකින් බලපෑම් එල්ල වුණා.

එහි අපකේන්ද්‍රය සටහන් වී තිබුණේ එරට මරකේෂ් නගරයට කිලෝමීටර 71ක් නිරිත දිගින් පිහිටි හයි ඇට්ලස් කඳු වැටියේ කිලෝමීටර 18.5ක ගැඹුරකිනි.

ඉන් වැඩි හානියක් සිදුව ඇත්තේ එරට සිව්වන විශාලතම නගරය මෙන්ම යුනෙස්කෝ ලෝක උරුම අතරට අයත් ඉහළ සංචාරක ආකර්ශනයක් දිනා ඇති මරකේෂ් නගරයටයි.

WhatsApp Group

Skip to content