මොරොක්කෝවට බලපෑ දරුණු භූ කම්පනය හේතුවෙන් මේ වන විට 2100 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

කදුකර ප්‍රදේශයේ සිදු වූ මෙම භූ කම්පනය හේතුවෙන් යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒ හේතුවෙන් එම වැසියන්ගේ උපකාර ඇතිව කඩාවැටුණු ගොඩනැගිලි අතර සිර වී සිටින පිරිස් බේරාගැනීමට කටයුතු කළ ද එය ඉතාමත් අසීරු මෙහෙයුමක් වනු ඇති බවටයි වාර්තා වන්නේ.

මොරොක්කෝව මෙවැනි දරුණු භූමි කම්පාවකට මුහුණ දී ඇත්තේ වසර 60 කට පසුවයි.

රික්ටර් මාපකයේ ඒකකය 6.8 ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූ කම්පනයෙන් අවම වශයෙන් 2100 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර තවත් 2421 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙම භූ කම්පනයෙන් යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන මරකේෂ් පැරණි නගරයටද හානි සිදුව තිබෙනවා.

WhatsApp Group

Skip to content