මොරගහකන්ද ජලාශයෙහි නැරඹුම් මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි ආරක්ෂිත වන වගාව සහ මොරගහකන්ද ජලාශය ඇතුළත ඇති ආරක්ෂිත  කදු 20 දින රාත්‍රියේ සිට විශාල ගින්නක් පැතිර යමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.

 මෙම ගින්න 21 දින දහවල් වන විට  විශාල භූමි ප්‍රමාණයක් ගින්නෙන් සම්පුූර්ණයෙන්ම දැවී අළු වී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.

 මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජලය විශාල වශයෙන් පළල  ගොස් ඇති අතර එහි පිහිටා ඇති දූපත් රැසක් මේ වනවිටත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගිනිගෙන විනාශ වී තිබෙන බවද ප්‍රදේශවාසීහු පවසනවා.

  මොරගහකන්ද ජලාශ  නැරඹුම්  මධ්‍යස්ථානය ආසන්නයේ මෙම ගින්න හටගෙන තිබෙන අතර කවුරුන් විසින් ගිනි තැබුවේද යන්න නොදැකපු බව ද කෙසේ වෙතත් 20 දින පස්වරුවේ ගින්නක් නොතිබූ බව එම ස්ථානයේ වෙළදාම් කරන පිරිස් අප සමග සඳහන් කළා.

 පාසල් සිසුන් සහ විවිධ ජනතාව විශාල වශයෙන්  මේ දිනවල  මොරගහකන්ද ජලාශය නැරඹීම සඳහා පැමිණෙන අතර එහි එන ජනතාව ද මෙම ගින්න දැක තම මවිතය හා අප්‍රසාදය පළ කරන්නට වූවා.

 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන මොරගහකන්ද ජලාශයට යටව   විනාශ වී ගිය මේ  ප්‍රදේශයට ආවේණික ගහ කොළ, සතා සීපාවා ආරක්ෂිත සිහි  කිරීම සඳහා වන  සංරක්ෂණ  දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරිය එක්ව මෙම ආරක්ෂිත වනය ස්ථාපිත කොට තිබිණි.

 එහෙත් එම ස්ථානයේ කිසිදු රැකවරණයක් ආරක්ෂාවක් නොමැතිව පවතින බව එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.

 මෙම ගින්න දිගින් දිගටම පැතිර යමින් පවතින බව ද 21 උදේ   වනවිටත් ගින්නෙන් වන සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඉතා වටිනා ගහකොළ මෙන්ම විශාල ගස් කොළන් රැසක් පිලිස්සෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

 උදෑසන වන විට මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා   ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හෝ වගකීිව යුතු බලධාරියෙක් පැමිණ නොතිබුණු අතර ආසන්නයේ වැඩපළක සේවය  කරන චීන ජාතිකයෙකු සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු පමණක්   නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ සිටි අයුරු ද එහි ගිය අපහට ද  දැක ගැනීමට හැකි වුුුණා.

 මීට පෙරද අවස්ථා ගණනාවක් මොරගහකන්ද ජලාශය ආසන්නයේ  සංරක්ෂිත වනාන්තර රැසක් ගිනි තබා විනාශ කොට තිබුුුණා.

 

WhatsApp Group

Skip to content