ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවැත්වුවද තම පක්ෂය ඉන් ජය ගන්නා බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ් මහතා මේ බව කියා සිටියේ සිය 78 වන ජන්ම දිනය නිමිත්තෙන් ගැබිණි මව්වරුන් පිරිසකට දිවා ආහාරය පිරිනැමීම හා ගැබිණි මව්වරුන්ට අවශ්‍ය කරන සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් පිරිනැමීමේ පින්කමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ ඉදිරියේදී මොන ඡන්දයක් පැවැත්වුවද තම පක්ෂය ඉන් ජය ගන්නා බවයි.

එසේම ඒ්සේම ඒ් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාම හොඳ සූදානමකින් සිටින බවයි.

එසේම සුදුසු අපේක්ෂකයකු අවශ්‍ය වේලාවවට ඉදිරිපත් කරන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියා.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිඇමැතිවරුන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසනවල අඩු ආදායම්ලාභී ගැබිණි මව්වරුන් 420 දෙනෙකුට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය, රුපියල් පන්දහසක මූල්‍ය ආධාරයක් සහ පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් පිරිනමනු ලැබුවා.

 

WhatsApp Group

Skip to content