මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ දොඹගහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් දොඹගහවෙල ඉන්ධන පිරවුම්හල ආසන්නයේ දී සිදුවු බිහිසුණු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබේග

බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් සහ යතුරුපැදි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදු වී තිබුණිග

අනතුරින් පසු කැබ් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයකු කැබ් රථය තුළ සිරවී සිටි අතර එම පුද්ගලයන් දෙදෙනා බේරාගැනීමට අසල සිටි පිරිස්වලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවියග

අනතුරින් තුවාල ලැබූ දෙදෙනා කඩිනමින් මුදවාගෙන මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එම පුද්ගලයන් දෙදෙනා මහකලුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීයග

WhatsApp Group

Skip to content