මොටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටිම‍ෙන් ත්‍රිරෝද රථය‍ේ රියදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා

අනතුරින් ත්‍රි රෝද රථ රියදුරා බරපතල තුවාල ලබා කොටගෙල ප්‍රාදේ‍ශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු තුවාල කරු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත යොමු කර තිබෙනවා

මෙම අනතුර 20 දින පස්වරු 6 ට පමණ  සිදු වි ඇත්තේ හැටන් නුලරඑලිය ප්‍රධාන මාර්ගයේදියි

නුලරඑලිය සිට හැටන් දක්වා අධික වේගය‍ෙන් ධාවනය කර ඇති මොටර් රථය ඉදිරියෙන් එම දිශාවට ධාවනය කල බවුසර් රථයක් ඉස්සර කිරිමට උත්සහ කිරිමේදී හැටන් සිට තලවාකැලේ දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු ත්‍රිරෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව අනතුර පිලිබචද පරික්ණ පවත්වන දිඹුල පතාන පොලිසිය පවසනවා

අනතුරින් ත්‍රිරෝද රථයට සහ මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, මොටර් රථයේ රියදුරා දිඹුල පතාන පොලිසිය විසින් සැකපිට අත්තඩංගුවට ගෙන ඇත.

පසුගිය සති කිහිපය තුල හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පොලිවස් වසමේ රිය අනතුර ගණනාවක් සිදු වු අතර , එම අනතුරට හේතු වී ඇත්තේ වාහනවල අධික වේගය සහ අපරික්ෂාකාරි රිය ධාවනය බව දිඹුල පතාන පොලිසිය පවසනවා

WhatsApp Group

Skip to content