ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයට අනුව රුපියල් මිලියන 15 ක මුදලක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙවා තිබෙනවා.
ඒ, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නියෝග කළේ රුපියල් මිලිනය 100 ක වන්දියක් ගෙවීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර ජනාධිපති විශ්‍රාම වැටුපෙන් මාසිකව රුපියල් 97,500 ක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ලැබෙන දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ආදායම වශයෙන් තමන්ට ලැබෙන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10 කින් ලබන වසරේ ජූනි 30 වන දා සිට ගෙවීම ආරම්භ කිරීමට අවසර ලබා දෙන ලෙසයි එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

WhatsApp Group

Skip to content