හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැය පහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඒ, අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින්.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුකළේ කවුදැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා මහනුවරදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. මෙම ප්‍රකාශය මත පදනම්ව හිටපු ජනාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා.

එම තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට නියෝග කරනු ලැබුවේ.

මේ, අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යට දැක්වූ අදහස්.

https://www.vnews.lk/storage/2024/03/MITHREEPALA-SIRISENA-EDIT.mp3?_=1

මේ මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් දැක්වූ අදහස් කිහිපයක් දැන්.

https://www.vnews.lk/storage/2024/03/CUT-MIX-EDIT-1.mp3?_=2

WhatsApp Group

Skip to content