මේ වසර තුළ ඩොලර් බිලියන 2 ක විදෙස් ආයෝජන බලාපොරොත්තු වන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසනවා.

ඉන් ඩොලර් මිලියන 604 ක් වටිනා ව්‍යාපාර 22 ක් මේ වනවිටත් මෙරටට ලැබී ඇති බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

කෘෂි, ඉදිකිරීම්, කර්මාන්ත ආදී ක්ෂේත්‍රවල ව්‍යාපාර වැඩි වශයෙන් මෙරටට ලැබී තිබෙනවා.

ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කෙරෙහි වැඩි අවධානයක් යොමුවී ඇති බවයි, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content