පසුගිය වසරට සාපේෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයිනගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව එම අධිකාරිය පැවසුවේ මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටට විදෙස් සංචාරකයින් 556,395 දෙනෙකු පැමිණ ඇති බවයි.

ඉන් වැඩි පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 105,159ක්.

එමෙන්ම ඉන්දීය සංචාරකයින් 99,147දෙනෙකු පැමිණ ඇති අතර, බි්‍රතාන්‍ය සංචාරකයින් 45,108 දෙනෙකු පැමිණ තිබෙනවා.

එමෙන්ම මේ මාසයේ ගතවූ දින 11ක කාලය තුල මෙරටට විදෙස් සංචාරකයින් 31,909 දෙනෙකු පැමිණ තිබෙන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුටරත් සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content