මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් එය ව්‍යාප්ත කරන මදුරුවන්ට ප්‍රතිලාභ ලැබෙන බවයි එම සංවිධාන පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඩෙංගු රෝගීන් 2000 වර්ෂයේ සිට 2022  වර්ෂය දක්වා කාලය තුළ දී මිලියන 4.2 දක්වා අට ගුණයකින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

WhatsApp Group

Skip to content