වසරේ මේ දක්වා කාලය තුළ මනුෂණ ඝාතන 383ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ මෙම ඝාතන සදහා සමාජීය තුළ පවතින ඇතැම් සිදුවීම් ද බලපා ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ දක්වා වෙඩි තැබීම් 65ක් වාර්තා වී ඇති බවත් එයින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් නිහාල් තල්දුව මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/08/NIHAL-THALDUWA-EDIT-2.mp3?_=1

WhatsApp Group

Skip to content