මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වැඩිම පක්ෂ සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.

එම පක්ෂ ගණන 179ක්.

අම්පාර දිස්ත්‍රික්කයට 165ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයට පක්ෂ 154ක් තරග කරනු ලබනවා.

අවම දේශපාලන සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබෙන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන් 25ක්.

මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාව ට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් නම යෝජනා භාර දී තිබෙනවා.

එය සටහන් වන්නේ 7,530ක් ලෙසින්.

7,177 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයට තරග කරනවා.

මහනුවරට 6,297ක්, කුරුණෑගලට 4,837,යාපනයට 4,122ක්, කළුතරට 3,981ක්, බදුල්ලට 3,876ක්, අම්පාරට 3,788ක්, මෙන්ම රත්නපුරට 3,778ක අපේක්ෂක් සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබෙනවා.

අඩුම අපේක්ෂයන් සංඛ්‍යාවක් තරග කරන්නේ මුලතිව දිස්ත්‍රික්කය ට වන අතර එම ගණන 592ක්.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පක්ෂ 14ක නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනය කලේ.

මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂා සංඛ්‍යාව 80,672ක්.

මෙම අපේක්ෂකයන් දිනවීමට ඒ ඒ පක්ෂ විසින් ජනරැළි මාලාවන් පවත්වමින් සිටිනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මුතුර් ප්‍රදේශයේ පැවති ජන හමුවක් ආමන්ත්‍රණය කළා.

https://www.vnews.lk/storage/2023/02/AKD.mp3?_=1

පෙරටුගාමි පක්ෂයේ මහනුවර අපේක්ෂක හමුව අමතමින් චමීර කොස්වත්ත මහතා සඳහන් කළේ ජනතාව මැදිහත්වන දේශපාලන තත්වයකින් – රට පත්ව ඇති විනාශයෙන් ගලවා ගත හැකි බවයි.

https://www.vnews.lk/storage/2023/02/CHAMEERA-KOSWATHTHA-.mp3?_=2

මේ පානදුර එක්සත්ජාතික පක්ෂ සංවිධායක – හා නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක මහතා

https://www.vnews.lk/storage/2023/02/NANDANA.mp3?_=3

සමගි ජන බලවේගයේ නිරුත්තර රටක උත්තරය හපුතලේ රැලියට ආදිවාසි ජනතාවද සහභාගී වී සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

https://www.vnews.lk/storage/2023/02/SAJITH-1.mp3?_=4

WhatsApp Group

Skip to content