මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීම වෙනුවෙන් තරුණ නියෝජනය ඉහළ දැමීමට නාම යෝජනා මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

මෙවර මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා ලබාදීමේදී කාන්තාවන් සහ තරුණයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමට පක්ෂය තීරණය කළ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

තරුණ නායකත්වය ගොඩනැගීම බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය වී ඇති බැවින් එම යෝජනාවලට සවන් දී මෙම තීරණය ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.

මේ අනුව කාන්තාවන් හා තරුණයන් ඇතුළත් වන ලෙස නවතම අපේක්ෂකයන් තිදෙනෙකු හෝ දිස්ත්‍රික්කයකින් පත් කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content