මෙවර මහ කන්නයේදී කුඹුරු අක්කර 8,461 ක් පැරෂුට් ක්‍රමයට වගා කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානම් වනවා.

ඊට අදාළව රුපියල් මිලියන 490 ක් වටිනා පැරෂුට් තැටි ගොවි ජනතාවට නොමිලේ ලබාදීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී ආරම්භ කිරීමටයි කටයුතු කළේ.

පැළ යම් තරමක් වර්ධනය වූ පසු කුඹුරේ සිටුවීම නිසා අවම පොහොර ප්‍රමාණයක් භාවිත කෙරෙන අතර, මුල් අවදියේ වල් මර්දනය සඳහා අමතර මුදලක් වැය නොවීම ද මෙම ක්‍රමයෙන් ගොවීන්ට වාසියක් ලැබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළා.

WhatsApp Group

Skip to content