මෙරට රැඳී සිටියදී චීන ජාතිකයින් 460 කට ආසන්න පිරිසක් පසුගිය දින කිහිපයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මොවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන්‍යක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව මූලික විමර්ශනවලදි අනාවරණ වි තිබුනා.

ඒ අනුව අදාළ පුද්ගලයන් මෙරට රැඳි සිටිමින් රැකියා කිරීම පිලිබදව ආගමන හා විගමන නියාමන පනත යටතේ විමර්ශන ක්‍රියාත්මකයි.

අදාළ චීන ජාතිකයින් පිරිස මහනුවර,පල්ලෙකැලේ, නත්තරන්පොත සහ අතුල්කොට්ටේ යන ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළා.

WhatsApp Group

Skip to content