රටේ සමස්ත සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබද නැවති සිතා බැලිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කොළඹ පෞද්ගලික රෝහලක පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙරට සෑම පුරවැසියෙකුටම වෛද්‍ය රක්ෂණයක් ලබා දීමට අපේක්ෂා කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ.

මේ අතර මෙරට සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා.

ඔහු ඊයේ රාත්‍රියේ ඒ සදහා ජිනීවා නුවර බලා පිටත්ව ගොස් තිබුණා.

ඖෂධ අර්බුදය හා ඉන් ජනතාව පත්ව ඇති පීඩාව සම්බන්ධයෙන් එහිදී ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම දැනුවත් කරන බවයි වසන්ත යාපා බණ්ඩාර මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/09/WASANTHA-YAPA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content