වර්තමානය වන විට මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට හැකිව ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ බවයි.

ජනතාව ජනප්‍රිය තීන්දුවලට දක්වන කැමැත්ත හේතුවෙන් දේශපාලඥයින් ද ජනප්‍රිය තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පෙළඹුණු බවත් ඒ සෑම මොහොතකම රටක් ලෙස ශ්‍රී ලංකාව ආසාර්ථකත්වයට පත්වූ බවත් අමාත්‍යවරයා සඳහන් කලා.

WhatsApp Group

Skip to content