ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සදහා ජපාන රජය අරමුදල් නිකුත් කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

නිල ණය හිමියන්ගේ කමිටුව සමග ශ්‍රී ලංකාව ගිවිසුම් ගත වීමෙන් පසුවයි ජපාන රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව අදාළ ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කළ හැකි බවයි විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ.

මේ අතර මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා.

WhatsApp Group

Skip to content