අන්තර්ජාලය ඔස්සේ මෙරට බාලවයස්කාර දරුවන් අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් ඉහළගොස් ඇති බවට අමෙරිකානු ආයතනයක් වාර්තාවක් මගින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා.

අදාළ වාර්තාව පදනම් කරගනිමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය අධිකරණයට දැනුම් දී ඇත්තේ.

දිනෙන් දින සිදුවන ළමා අපචාර සිද්ධින් ඉහළ ගොස් ඇති බව ද පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සදහන් කළා.

එම කාර්යංශය පැවසුවේ මෙම වසරේ අප්‍රේල් 31 වැනිදා දක්වා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා මගින් දරුවන්ගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් ඔවුන්ට බලපෑම් කිරීමේ සිද්ධින් පිළිබද පැමිණිලි 55ක් ලැබී ඇති බවයි.

WhatsApp Group

Skip to content