වසරකට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීයන් දහසක් මෙරට සෞඛ්‍ය පද්ධතියට එක් කර ගැනීම ප්‍රධාන අරමුණයි.

මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණු පාසල පසුගියදා (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී විවෘත කෙරිණි. එයට අමතරව දුරස්ථ අධ්‍යාපන ඒකකය ද ලේකම්වරයා අතින් විවෘත විය.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් මෙරටට අවශ්‍ය සෞඛ්‍ය වෘත්තිකයන් රට තුළ නිර්මාණය කර ගැනීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ විශේෂ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාශය විසින් ගෙනයනු ලබන විශේෂ වැඩපිළිවෙළට සමගාමීව මෙම නව පුහුණු පාසල ස්ථාපිත කෙරිණි.

WhatsApp Group

Skip to content