මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වසා දැමීමට නියමිතව තිබෙනවා.

නොර්වේ රජය පසුගියදා නිවේදනය කළේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි.

ඒ අනුව අද සිට කොළඹ පිහිටි මෙරට නෝර්වේ තානාපති කාර්යාලයේ රාජකාරී කටයුතු අත්හිටුවීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ද්විපාර්ශ්වික සබඳතා සඳහා අවශ්‍ය කටයුතු ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය මගින් සිදුකිරීමට නියමිත බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content