යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය සිදු කල මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත මීරිගම, හිරිවල ප්‍රදේශයේ නිවසක් නිවසක් පරීක්ෂා කිරීමේදී නිවස තුළ සඟවා තිබූ මෙම ගිනි අවිය සොයාගැනීමට පල්ලේවෙල පොලීසියට හැකිවී ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු හා දක්ෂ නර්තන ශිල්පියෙක් බව පොලිසිය පවසයි.

මෙම ගිනි අවිය සමඟ එයට භාවිතා කරන මූනිස්සම් කීපයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

පොලිසිය මෙම ගිනි අවිය සොයාගන්නා අවස්ථාවේදී එයට මූනිස්සම් ලෝඩ් කර තිබූ බවත් පොලිසිය විසින් එය නිෂ්ක්‍රීය කළ බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

WhatsApp Group

Skip to content