පස්සර, බුළුගහවෙල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පස්සර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 61 හැවිරිදි වියේ පසුවන පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර,ඔහු අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content