ජනවාරි මාසයේදී මෙරට සේවා ක්‍රියාකාරකම්වල සුළු වර්ධනයක් දක්නට ලැබෙන අතර, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල තවදුරටත් පසුබෑමක් සටහන් වූ බව මහ බැංකුව පවසනවා.

ඒ, ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය පදනම් කරගනිමින්.

ඒ අනුව නිෂ්පාදන අංශයේ එම දර්ශක අගය 40 යි දශම 8 ක් ලෙස සටහන් වූ අතර, එය දෙසැම්බර් මාසයට සාපේක්ෂව දර්ශකාංක 04 ක පහළ යෑමක් බව සදහන් .

නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය මෙන්ම තොග මිලදී ගැනීම් යන අංශ එහිදී පහත වැටී තිබෙනවා.

කෙසේ වෙතත්, සේවා අංශයේ යම් වර්ධනයක් දක්නට ලැබෙන්නේ නව ව්‍යාපාර සහ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ඉහළ යෑමත් සමඟයි.

WhatsApp Group

Skip to content