ඉදිරියේදී ධීවර පනත සංශෝධනය කිරීම මගින් මෙරට ධීවරයන් අඩපණ කිරීමට රජය උත්සහ කරන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අරුණ රොෂාන්ත මහතා ප්‍රකාශ කළේ මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයන්ට අවසර හිමි වීම තුලින් දේශීය ධීවරයන් අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි.

එමෙන්ම ධිවර පනත සංශෝධනය කරන්නේ නම් එයට එරෙහිව සමස්ත ධීවරයන් එක් වන බව ද මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content