ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කිරීමේ වාසිය කඩිනමින්ම වෙළෙඳපොළ වෙත ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍ය තැන්පතු අනුපාතිකය හෙවත් එස් ඩී එෆ් ආර් අගය සියයට 11 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හෙවත් එස් එල් එෆ් ආර් අගය සියයට 12 දක්වා අඩු කිරීමට තීරණය කළා.

පසුගිය මැයි 31 වනදා ද මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතික වාර්තාගත ලෙස පහත දැමීමට කටයුතු කළා.

ඒ, පිළිවෙළින් සියයට 13 හා සියයට 14 දක්වා පදනම් අංක 250 කින්.

මේ අතර පසුගිය ජුනි මාසය අවසන් වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකමද ඇතුළත්ව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් ලෙස වාර්තා වනවා.

මෙරට ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම විනිවිධභාවයකින් සිදු කර ඇති බවට ඔවුන්ගේම වාර්තාවලින් පෙන්වා දී ඇති බවයි විෂය පිළිබඳ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ.

 

WhatsApp Group

Skip to content