මෙරට තුල දරුවන් 16000කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ද පෝෂණයෙන් පීඩා විඳින බව අනාවරණය වී තිබෙනවා.

ඒ ළමා මන්ද පෝෂණ තත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව මගින්.

රටේ සමස්ත පවුල්වලින් හතරෙන් එකක් අසල්වාසීන්ගෙන් ලැබෙන ආහාරවලින් ජීවත්වන බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා.

පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ පැවැති ආහාර අනාරක්ෂිත පවුල් සියයට 17 ක ප්‍රමාණයට සාපේක්ෂව එම වර්ෂයේ තුන්වැනි කාර්තුවේදී එය සියයට 24 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවද එම වාර්තාවේ සදහන්.

සමස්ත පවුල්වලින් තුනෙන් එකක් ආහාර පිසීමේ වාර ගණන අඩුකර හෝ ඔවුන්ගේ පරිභෝජනය සීමා කර ඇති බවද එම වාර්තාවේ සදහන්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content