මෙරට රුපියල් කෝටියකට හෝ ඊට වැඩියෙන් බදු පැහැර හැරි ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව 4479ක් බව මහබැංකු විශ්ලේෂණ වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
ඒ අනුව මෙම හිඟ බදු මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු 350ක් ක්‍රියාත්මක බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.
මීට අමතරව රජයේ දෙපාර්තමේන්තුවල අභියාචනා 2934ක් සහ බදු කොමිෂන් සභාවේ අභියාචනා 1505ක් ද විභාග වන බව සඳහන්.

WhatsApp Group

Skip to content