දැනට ඉන්දියාව හා පකිස්ථානය යන රටවල් දෙකම තම රටවල සිටින ගවයින් වෙනත් රටවලට ලබා නොදීමේ ප්රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අවස්ථාවක වුවද ශ්රී ලංකාවට ඔවුන් සතු ගවයින් ලබා දීමට එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා මෙරට ඉන්දීය තානාපති හා පකිස්ථාන මහකොමසාරිස් සමඟ කළ සාකච්ඡාවල දී මෙම එකඟත්වය පළ කර තිබේ
මෙරට පකිස්ථානු මහ කොමසාරිස් Major General Faheem Ul Aziz මහතා පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා හමුවී මෙම කරුණු සම්බන්ධව සාකච්ඡා කළේය. එහිදී දැනට රටතුළ කිරි නිෂ්පාදනය සම්බන්ධව පවතින තත්ත්වය සඳහන් කළ අමාත්යවරයා මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඉන්දීය රාජ්ය තාන්ත්රික සබඳතා මත එරට ගවයින් මෙරටට ලබා දීම සඳහා එකඟත්වය පළ කළ බව සඳහන් කළේය.

WhatsApp Group

Skip to content