මෙම වසර තුළ පළමුවරට මෙරටින් බීජ වර්ග යම් ප්‍රමාණයක් අපනයනය සඳහා සූදානම් කර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

ඒ අනුව මිරිස්, වම්බටු , මාළු මිරිස් හා බණ්ඩක්කා සහ බඩඉරිඟු විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර එම බීජ සඳහා ඉහළ ඉල්ලුමක් විදේශ රටවල් ගණනාවකින් ඉදිරිපත්ව ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා මෙරට පුද්ගලික අංශය එක්ව මෙම නව බීජ වර්ග පීළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර බීජ පිළිබඳ පර්යේෂණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් සිදු කර තිබේ.

එමෙන්ම එම බීජ වැඩි දියුණු කිරීම හා සැකසීම ඉහළම තාක්ෂණය හා විශේෂඥ සහයෝගය ලබා ගනිමින් මෙරට පුද්ගලික අංශය විසින් සිදු කර ඇත.

පසුගියදා පස්වරුවේ අමාත්‍යවරයා පැල්වෙහෙර CIC ගොවිපොළේ පර්යේෂණ වගාවන් නිරීක්ෂණය කළේය.

WhatsApp Group

Skip to content