2024 පළමු කාර්තුවේ මෙරට ආර්ථිකය සියයට 5.3 කින් වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එමෙන්ම කර්මාන්ත අංශය සියයට 11.8 කින් වර්ධනය වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2022 අවසන් කාර්තුවේදී සියයට 12 කටත් අඩු සෘණ ආර්ථිකයක් වාර්තා වූ රටක් ලෙස මෙම තත්ත්වය දෙස බැලීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් අතට ගමන් ගන්නා බව පෙන්නුම් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

ලෝක බැංකුවේ පුරෝකථනයන්ට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරට සාපේක්ෂව සියයට 2.2 කින් මෙම වසර තුළ වර්ධනය වනු ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

WhatsApp Group

Skip to content