මෙම වසර තුළ මෙරටින් වාර්තා වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

වසරේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන්ගෙන් සියයට 50 ක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති අතර මහනුවර, කෑගල්ල, කුරණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම තවදුරටත් පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/NALIN-ARIYARATHNA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content