කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කුවේට් ජාතිකයෙකු  ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවෙන් මිළදී ගත් වායු රයිෆලයක් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය නොමැතිව කුවේට් රාජ්‍යය බලා රැගෙන යාමට පැමිණි අවස්ථාවේ.

සලීම් මොහොමඩ් නැමැති 75 හැවිරිදි මෙම කුවේට් ජාතිකයා එරට සාප්පු හිමි ව්‍යාපාරිකයෙක්.

ඔහු ඊයේ දින රාත්‍රී 06.15 ට කුවේට් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූගඑල්ග- 229 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ මෙම වායු රයිෆලය තිබූ අතර එය කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දෙවන ආරක්ෂක කපොල්ලෙහි පිහිටි පරිලෝකන යන්ත්‍රය මගින් අනාවරණය කර ගෙන තිබෙනවා.

අනතුරැව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මෙම ගුවන් මගියා සහ එම වායු රයිෆලය කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් වෙත භාර දීමටයි පියවර ගෙන තිබුණේ.

මෙම කුවේට් ජාතිකයා තම දණහිස් ආබාධයක් සදහා ප්‍රතිකාර ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

මෙම වායු රයිෆලය ගිනි අවියක් නොවන බවත්  එය ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කළ බලපත්‍රයක්ද ඔහුට හිමි බවත් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය කළ විමර්ශන වල දී අනාවරණය වුණා.

එහෙත් ඔහුට  ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කළ අවසර පත්‍රයක් නොමැති නිසා  අත් අඩංගුවට ගනු ලැබුවා.

පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන වලින් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළ රාජ්‍ය බුද්ධි සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම අවිය ගුවන් මගින් එරටට ගෙන යාමට අවසර ලබා දීමත් සමඟ මෙම කුවේට් ජාතිකයා වෙත මෙම වායු රයිෆලය නිදහස් කර තිබෙනවා.

ඒ අනුව මෙම ගුවන් මගියා හෙට දින කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content