මෙරටට අවශ්ය සමස්ත සහල් ප්රමාණය වී වගා කරන ප්රධානතම කෘෂිකාර්මික බල ප්රදේශ හයකින් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යංශය මගින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙම වැඩපිළිවෙළ 2024 මහ කන්නයේ සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව දැනට වැඩිම වී අස්වැන්නක් රටට ලබා දෙන අනුරාධපුර, හම්බන්තොට, පොලොන්නරුව, මහනුවර, අම්පාර හා මොණරාගල කෘෂිකාර්මික බලප්රදේශවලආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
වගා කන්න හයක් තුළ මෙරට වී නිෂ්පාදනය දෙගුණයක් දක්වා වැඩි කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණයි.

WhatsApp Group

Skip to content