2023 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ගත වූ මාස 8 ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 4556 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සදහා පිටත් කර හැරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකිව තිබෙනවා.

ඒ අතරට පළමුවරට දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව ගිය රැකියාලාභීන් 3565 දෙනෙකු සහ නියමිත සේවා කාලය අවසන් කර යළි එම ස්ථානයටම රැකියා සඳහා ගිය රැකියාලාභීන් 991 දෙනෙකුද ඊට අයත් වනවා.

ඉන් නිෂ්පාදන ක්ෂේත්‍රය සදහා 3774 දෙනෙකු ද , ධීවර ක්ෂේත්‍රයේ රැකියා සදහා 639 දෙනෙකු ද, ඉදිකිරීම ක්ෂේත්‍රය සදහා රැකියාලාභීන් 140 දෙනකු මෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා සදහා තිදෙනෙකුද පිටත්ව ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content