වසරේ මේ දක්වා කාලය තුල මනුෂ්‍ය ඝාතන 255 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.
එමෙන්ම මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 34 ක් වාර්තා වී ඇති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියා සිටියේ.

මේ අතර දළදා මාලිගාවේ කසළ රැගෙන යාම සඳහා පැමිණි කසළ ලොරියක තිබී ටී 56 ගිනි අවි සඳහා භාවිත කරන හිස් උණ්ඩ කොපු 31 ක් සොයාගැනීම සම්බන්ධයෙන් පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

මේ ඒ සම්බන්ධව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් පල කල පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා .

https://www.vnews.lk/storage/2023/06/NIHAL-THALDOOWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content