මෙම වසරේ ගත වූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 3,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

ජනවාරි මස පළමු වනදා සිට සැප්තැම්බර් මස 30 වන දා දක්වා කාලය තුළ පැමිණිලි 3,045 ක් ලැබී ඇති බවයි අල්ලස් කොමිෂන් සභාව සදහන් කළේ.

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 81 ක් සිදුකර ඇති අතර වැටලීම්වලදී පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර පොලිස් නිලධාරීන් 20 දෙනෙකු, ග්‍රාම නිලධාරීන් තිදෙනෙකු, කාති විනිසුරුවරුන් තිදෙනෙකු, ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් 45 දෙනෙකු සිටින බව සඳහන්.

WhatsApp Group

Skip to content