විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක කර ඇති ආකාරයට මෙම මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ගාස්තු ඉහළ දැමීමට අනුමැති දෙන දිනයේ සිට එය ක්‍රියාත්මක වන බවයි එම කොමිසම පැවසුවේ .

එමෙන්ම මහජන උපයෝගිතා පනත ප්‍රකාරව ජනතාවගේ අදහස් ගැනීමට දින 21 ක කාලයක්ද ලබා දී තිබෙනවා.

ජනතාවගෙන් වාචික අදහස් ගැනීම මේ මස 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

ඉන් පසුව අනුමැතිය ලබා දීම හෝ නොදීම පිළිබඳව තීරණය කළ හැකි බව ද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කලා.

WhatsApp Group

Skip to content