යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ සිදු කරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1035 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 46 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තැබීමේ නියෝග ලබාගැනීමට නියමිත අතර 17 දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.ඳා

මෙම මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 329 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 265 ක් සහ ගංජා ග්‍රෑම් 5089 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content