අභිලාශ කැඳවීම මත මෙගා වොට් 50ට වැඩි පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති ක්රියාත්මක කිරීමට ලැබුණු යෝජනා සහ ව්යපෘතිවල ප්රගතිය සමාලෝචනය කිරීම ඊයේ (16) සිදු විය.
ඒ විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතාගේ සහභාගීත්වයෙනි.
විවිධ ආයතනවලින් ලබා ගැනීමට ඇති අනුමැතියන්, ඉඩම් අත්පත් කර ගැනීම සහ වෙන් කර ගැනීමට ඇති දුෂ්කරතා, සම්ප්රේෂණ යටිතල පහසුකම් සංවර්ධනය, පාරිසරික ඇගයීම් බලපත්ර සහ අනෙකුත් නීතිමය අවසරයන් පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සමඟ මෙහි දී අමාත්යවරයා සාකච්ඡා කර තිබේ.

WhatsApp Group

Skip to content