මෙක්සිකෝ හමුදා සෙබළුන් සිදුකළ වෙඩි තැබීමකින් සංක්‍රමණිකයන් හය දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙක්සිකෝවේ දකුණු දිග ප්‍රදේශයේ අනවසර සංක්‍රමණිකයන් 33 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගමන්ගත් වාහනයකට හමුදා සෙබළුන් විසින් වෙඩි තබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේ වෙඩි වැදුණු තවත් සංක්‍රමණිකයන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද සඳහන් වනවා.

මෙම සංක්‍රමණිකයන් ගමන් ගත් වාහනය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මුර සංචාරයක නිරතව සිටි හමුදා භට පිරිසක් විසින් ඊට වෙඩි තැබූ බවයි ආරක්ෂක අංශ පවසන්නේ

වෙඩි තැබීම පිලිබඳ මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙන අතර වෙඩි තැබූ සෙබළු රාජකාරිවලින් ඉවත්කිරීමට මෙක්සිකෝවේ ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා
බේරුණු මගීන් 17 දෙනෙකු ආගමන විගමන බලධාරීන්ට භාරදුන් බවයි ආරක්ෂක අංශ නිලදහරින් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content