මෙක්සිකෝවේ මගී බස් රථ අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරින් තවත් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙක්සිකෝවේ දකුණු දිග ඔක්සාකා ප්‍රාන්තයේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට ගොස් කඳු බෑවුමෙන් පහතට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

WhatsApp Group

Skip to content