නියමිත පරිදි ඉකුත් මාර්තු මස 9 වන දා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ජාතික ජනබලවේගය සහ පැෆරල් සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 2 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

අදාළ පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවමත් සිදුවන බවයි අප අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content