මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන නීතිඥවරයකු කොළඹ මූල්‍ය වංචා අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

පොලිසිය සදහන් කලේ ඔහු ඉඩම් ඔප්පු වලට කූඨ ලේඛන සකස් කොට රුපියල් කෝටි 60 ක පමණ මුල්‍ය වංචාවක් සිදු කර ඇතී බවයි .

අදාළ සැකකරු මහනුවර මඩවල ප්‍රදේශයේදී සිය භාරට ගැනීමට පොලීසිය සමත් වුණා .

මෙම නීතිඥවරයා මෙරට ප්‍රකට ඉස්ලාම් සංවිධානයක මහනුවර දිස්ත්‍රික් සභාපතිවරයා ලෙස ද කටයුතු කරන බවයි පොලීසිය පැවසුවේ .

මේ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙක්.

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සතුව තිබූ රන් භාණ්ඩ අතරින් රන් පවුම් 07ක් අධිකරණයට ඉදිරිපත් නොකර තමන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා .

අදාළ සැකකාර පොලිස් නිලධාරීන්ව මහනුවර කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ .

WhatsApp Group

Skip to content