රාජ්‍ය ආදායමට බලපෑමක් නොවන පරිදි බදු ගැළපුම් වෙනස් කිරීම සම්බන්ධයෙන් මැදිහත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට වෘත්තියවේදීන්ට පොරොන්දු වී තිබෙනවා.

ඒ, වොෂින්ටනයේ පිහිටි අයි.එම්.එෆ්. ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදියි.

මෙහිදී බදු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වෘත්තියවේදීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කලේ.

WhatsApp Group

Skip to content